පාසල් හැර යන දරුවන් ගැන තීරණයක්.
පාසල් හැර යන දරුවන් පිළිබඳව නිසි දත්ත වාර්තාවක් කඩිනමින් සකස් කිරීම අත්‍යාවශ්‍ය බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ ය.
ඒ මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේ දී ය.
අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ, පාසැල් හැරයන දරුවන් පිළිබඳව පැහැදිලි තොරතුරු නොමැතිව එම දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් නිසි වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද යන්න ගැටලුවක් පවතින බවයි.
එමෙන්ම සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අවසන්ව විවිධ හේතූන් මත පාසැල් හැරයන දරුවන්ට ඉදිරි අධ්‍යාපනයක් නොමැති වුවහොත් ඔවුන්ගේ පෞද්ගලික දියුණුව මගහැරී යෑම මෙන්ම සාමාජීය ගැටලු නිර්මාණය විමට ද හේතු විය හැකි බව ඒ මහතා පැවසීය.
සාමාන්‍ය පෙළ දක්වා හෝ උසස්පෙළ දක්වා පාසැලේ ලියාපදිංචි වී සිටි දරුවන් පාසල හැරයාමේ දි ඒ පිළිබඳ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් වාර්තා වීම අත්‍යවශ්‍ය කරුණක් බවත් මෙම දරුවන් විභාගය පෙනී නොසිටින්නේ කුමන හේතුවක් නිසාද යන්න සොයා බැලීම අනිවාර්ය බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |