ඝාතනය කර වළ දැමූ අලුත උපන් බිළිදා - දෙදරු මවක් සිදුකළ ඇග හිරිවැටෙන අපරාධය..

Sri Lanka Police Sri Lanka Police Investigation Crime
By Sewvandhi Dec 23, 2023 04:13 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

තඹුත්තේගම තේක්කවත්ත ප්‍රදේශයේ දරු දෙදෙනෙකුගේ මවක් විසින් නිවසේ බිහිවු තම බිළිදාව රහසිගත ලෙස ඝාතනය කර වල දමා තිබෙනවා.

මූලික පරීක්ෂණවලින් තඹුත්තේගම පොලිසිය සොයාගෙන තිබෙන්නේ, තම සැමියාගෙන් වෙන් වී දරුවන් සමග හුදකලා වී සිටින ඇය ගාලදිවුල්වැව ප්‍රදේශයේ විවාහක පුද්ගලයෙකු සමග ඇති කරගත් අනියම් පෙමක ප්‍රතිඵලයක් ලෙස බිහි වූ දරුවකු බවයි.

එනම්, සැකකාරිය තඹුත්තේගම ,තෙක්කවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක දෙදරු මවකි. සැකකරු ගාලදිවුල්වැව ප්‍රදේශයේ තම බිරිඳගෙන් වෙන් වී ගොවිතැන් කර ජීවත් වන වයස 44 ක එක්දරු පියෙකි. කලක පටන් දෙදෙනා විසින් ඇති කරගත් අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් ඇතිවූ ප්‍රතිඵලයක් ලෙස සැකකාර කාන්තාව ගැබ් ගෙන තිබෙනවා.

තඹුත්තේගම පොලිසිය වෙත ,ගැබ් ගත් කාන්තාව දරුවෙකු ප්‍රසූත කර ඇති නමුත් ඇයගේ දරුවා නොමැති බවට නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා. ඒ තොරතුරු මත කරන ලද පරීක්ෂණවලින් මෙම ලදරුවා වල දමා තිබූ ස්ථානය තඹුත්තේගම පොලිසිය විසින් සොයාගෙන තිබේ.

ඝාතනය කර වළ දැමූ අලුත උපන් බිළිදා - දෙදරු මවක් සිදුකළ ඇග හිරිවැටෙන අපරාධය.. | A Dead Body Of A Newborn Baby Is Found Thabuttegam

කාන්තාව විසින් කලළලයට මාස 6ක කාලයක් ගතවෙනවාත් සමග දරුවා ගබ්සා කිරීම සදහා යම්කිසි පෙති වර්ගයක් පානය කලබවද සැකකාර කාන්තාව පොලීසියට පවසා තිබේ. ඒ හේතුවෙම් ගබ්සා වු ළදරුවා තම ගෙවත්තේ වලක් හාරා වල දමා තිබේ.ගැබ් ගෙන සිටි කාන්තාවගේ ශරීර වෙනස හේතුවෙන් ගම්වාසීන් විසින් තඹුත්තේගම පොලීසියට නිර්නාමික දුරකථන ඇමතුමක් දී මෙය අනාවරනය කර තිබේ.

ඉන් අනනතුරුව අනුරාධපුර අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරී ප්‍රධාන පොලිස් පරික්ශක ජයන්ත රාජපක්ෂ මහතා ඇතුලු පිරිස කළ පරීක්ෂනයෙන් අනනතුරුව තඹුත්තේගම ගරු වැඩ බලන මහේස්ත්‍රාත් සංජීවනි රත්නායක මහත්මියගේ ස්ථාන පරික්ෂාවෙන් පසු වැඩ බලන මහේත්‍රාත්තුමිය ඉදිරිපිට දේහය ගොඩගෙන තඹුත්තේගම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සී.ඊ. රණසිංහ මහතා විසින් පරීක්ෂණ පවත්වන ලදී.

අනතුරුව වැඩිදුර පරීක්ශන සදහා දේහය තඹුත්තෙගම මූලික රෝහල වෙත ‍රැගෙන ගියාය. තඹුත්තේගම ගරු මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරු සහ සැකකාරිය ඉදිරිපත් කිරීමෙන් පසු 2024-01-02 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනලදී. සැකකාරිය වෙනුවෙන් නීතිඥවරෙයක් පෙනී නොසිටි අතර සැකකරු වෙනුවෙන් නීතිඥ සමින් ද සිල්වා මහතා පෙනී සිටින ලදී. තඹුත්තේගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.