බෝඩ්ම් කාමරයේ සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයා

By Sewvandhi May 29, 2023 11:02 AM GMT
Report

පානදුර දකුණ පොලීසිය විසින් පානදුර වෑකඩ පහන්ගම ප්‍රදේශයේ දෙමහල් නිවසක කාමරයක් තුළ සැකකටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

මෙලෙස මියගොස් සිටි පුද්ගලයා මෙම දෙමහල් නිවසේ ඉහළ මාලයේ කාමරයක් කුලීයට ගෙන නේවාසිකව සිට ඇති බව පොලීසිය සදහන් කරනවා.

පානදුර දකුණ පොලීසිය විසින් අදාළ පුද්ගලයා සිටි කාමරයෙන් දැඩි දුඟදක් වහනය වන බවට ලද පැමිණිල්ලක් මත මෙම නිවස සෝදිසි කර තිබේ.

එහිදී මෙම මළ සිරුර අද (29) පස්වරුවේ පොලීසිය විසින් සොයාගෙන ඇති අතර ඔහු හෝමාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිද පුද්ගලයෙකු බව අනාවරණය වී ඇත.

අදාළ දෙමහල් නිවසේ පහළ මාලයේ සිට ඇත්තේ එම නිවසේ හිමිකරු වන අතර එම මරණය සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂණ කටයුතු සිදුකරන බව පානදුර දකුණ පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now