චීනයට තවත් අවදානම් තත්ත්වයක්.

China Weather
By krishani Aug 01, 2023 02:20 PM GMT
krishani

krishani

in චීනය
Report

චීනය සහ දකුණු ජපාන දූපත් වෙත ඛානුන් සුළි කුණාටුව ළඟා වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

සති කිහිපයක් තුළ චීනයට මුහුණදීමට සිදුවන තුන්වන සුළි කුණාටුව මෙය බව කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවා තිබෙනවා.

මෙම සුළි කුණාටුව 4 වන ඝනයේ සුළි කුණාටුවක් වන අතර එය පැයට කිලෝමීටර 138 ක වේගයකින් හමා යයි.

කෙසේ වෙතත්, එරටට බලපාන ලද ජල ගැලීම්වලින් 11 දෙනෙකු මියගොස් 13 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.

එමෙන්ම ඊයේ (31) එරට බීජිං අගනුවර 50,000 කට අධික පිරිසක් ඉවත් කරනු ලැබූ අතර ඒ ඩොක්සුරි සුළි කුණාටුව හේතුවෙන් ය.