නිවසකට පැමිණ ගවයෙක් ඝාතනය කරයි - මෙරටින් ඇසෙන අතිශය සංවේදී පුවත..

Sri Lanka Police Sri Lanka Police Investigation Crime
By Sewvandhi Mar 24, 2024 08:02 AM GMT
Report

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් මාලේවනයාය ප්‍රදේශයේ නිවසක ඇතිකල ගවයෙක් ඝාතනය කර එම ගවයාගේ මස් රැගෙන ගොස් ඇති බව වාර්තා වනවා..

සඳහන් වන්නේ, ගවයා රාත්‍රි කාලයට ගැට ගසා ඇති ස්ථානයේදීම මෙලෙස ඝාතනය කර මස් රැගෙන ගොස් ඇති බවයි.

වාර්තා වන්නේ, සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට වැල්ලවාය පොලිසියට ලද පැමිණිල්ලක් අනුව වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරන බවයි.