පාසල් සිසුවිකට ගොනෙකුගෙන් බිහිසුණු ප්‍රහාරයක් - බේරා ගැනීමට දැඩි උත්සාහක් - අතිශය සංවේදී වීඩියෝ සහිතයි(CCTV VIDEO)

By Sewvandhi Aug 16, 2023 11:11 AM GMT
Report

විදෙස් මාධ්‍ය විසින්, පාසල් සිසුවියකට ගොනෙකු විසින් එල්ලකළ ප්‍රහාරයක් දැක්වෙන වීඩියෝවක් වාර්තා කර තිබෙනවා.

අදාල සිදුවීම වාර්තාවන්නේ ඉන්දියාවේ චෙන්නායි ප්‍රදේශයෙනි. එම අවාසනාවන්ත අනතුරින් තුවාල ලැබූ 6 හැවිරිදි වියේ පසුවූ පාසල් දැරියක් ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර තිබේ.

එරට පොලීසිය විසින් මෙම පහරදීම සම්බන්ධයෙන් අදාළ සත්වයාගේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ අවට රැස්වූ පිරිස එම සත්වයා පළවාහැරීම සඳහා ගල් ප්‍රහාර එල්ලකළද සත්වයා නොනවත්වා දැරියට ප්‍රහාරය එල්ලකළ අයුරු ඒ අසළ සවිකර තිබූ CCTV කැමරාවක පටිගතව තිබුණේ මේ අයුරින්...