සජිත් පැමිණි විරෝධතාවයේ ගුටිකෙළියක්..මාධ්‍යවේදීන්ටත් බාධා කරයි.

Police Sri Lanka Sajith premadasa Samagi janabalawegaya Mathara urubokko
By Aruna Jan 24, 2022 01:56 AM GMT
Report

විපක්ෂනායක වරයා ඊයේ (23) ‍සවස මාතර ඌරුබොක්ක නගරයේදී විරෝධතාවයකට සහභාගී වුණා. ඒ බඩු මිල ඉහල යෑමට හා ආණ්ඩුවට විරෝධය දක්වමින් මෙම විරෝධතා පෙළපාලිය හා ජනතා උද්ෂෝෂණය පැවැත්විණි.

මෙහිදී මාතර තොටපොල මාර්ගයේ ඌරුබොක්ක පාසල දෙස සිට ඌරුබොක්ක නගරයේ බස්නැවතුම්පල අසලට විරෝධතා පා ගමනින් පැමිණි විපක්ෂනායක වරයා සහ පිරිස එම ස්ථානයේ විරෝධතා රැලියක් පවත්වනු ලැබුවා.

මෙහිදී බීමත්ව කලහකාරී ලෙස හැසිරුනු විරෝධතාවයට පැමිණි පිරිස අතර ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගියා.

මෙහිදී එම ස්ථානයට පැමිණි ඌරුබොක්ක පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලු නිළදාරීන් මෙම ගැටුම සමතයකට පත් කිරීමට ක්‍රියා කරන ලදී. මෙහිදී දෙදෙනෙකු පොලිස් භාරයට ගත් අතර මේ අවස්ථාවේදී මෙය ආවරණය කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදීන්ගේ කැමරා උපකරණ ද උදුරා ගැනීමට ගැටුමට මැදිහත්වූ පිරිස උත්සාහ කළ බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now