සජීවි ප්‍රසංගයක් අතරතුරදී විශිෂ්ට සර්කස් ශිල්පිනියකට දිවි අහිමි වෙයි..!

China
By Sewvandhi Apr 20, 2023 02:52 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

සජීවී ප්‍රසංගයක් අතරතුර දී චීන සර්කස් ශිල්පිනියක අඩි 30ක් පමණ උස් ස්ථානයකින් ඇද වැටී මියගොස් තිබෙනවා.

සිය සැමියා සමග එම ඉදිරිපත් කිරීම සිදු කරමින් සිටියදීයි ඇය මෙම අනතුරට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ඉහළ අවකාශය භාවිත කරමින් පියාසර ඉරියව්වක් නිරූපණය කරන අවස්ථාවේ ඔහුගේ පාදවලින් ඇයව අල්ලා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් ඇය මෙලෙස ඇද වැටී ඇති බවයි.

ඇය සර්කස් සංදර්ශනය ඉදිරිපත් කරන අවස්ථාවේදී ආරක්ෂක මෙවලම් කිසිවක් භාවිත කර නොමැති බව ද සඳහන්.