ගැඹුරු නල ලිදේ සිර වූ කුඩා දරුවාගෙ නවතම තත්වය - මෙහෙයුමට තවත් බාධාවක්

India Accident
By Sewvandhi Dec 08, 2022 08:21 AM GMT
Report

ඉන්දියාවේ කුඩා දරුවෙකු ක්‍රීඩාකරමින් සිටියදී අනාරක්ෂිත නල ලිඳක් තුළට ඇද වැටී තිබුණා.තවමත් මෙම දරුවා මුදා ගැනීමේ මෙහෙයුම් සාර්ථක වී නෑ.

විදෙස් වාර්තා සදහන් කළේ දරුවා සිරවී ඇති ස්ථානයට ඉහලින් මඩ තට්ටුවක් සිරවී තිබිම හේතුවෙන් එම මෙහෙයුම් දුෂ්කර වී ඇති බවයි.

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ ගම්මානයක පදිංචි ටන්මේ සාහු නම් 8 හැවිරිදි දරුවා අඩි 400ක් පමණ ගැඹුරු අනාරක්ෂිත නල ළිදක් තුළට ඇද වැටී තිබුණේ ඉකුත් අඟහරුවාදා පස්වරුවේයි. මේ වනවිට ඔහු නල ළිද තුල සිර වී පැය 24කට වැඩි කාලයක් ගතවී ඇතත් දරුවා මුදාගැනීමට තවමත් හැකි වී නැහැ.

සහන කණ්ඩායම් විශ්වාස කරන්නේ දරුවා මෙම ගැඹුරු නල ළිදෙහි අඩි 60ක පමණ ගැඹුරක සිරවී ඇති බවයි. ඒ අනුව නළ ලිදට සමාන්තරව කැණිම් සිදුකර දරුවා මුදා ගැනීමට පියවර ගෙන ඇත්තේ.

කෙසේ වෙතත් එම කටයුතු ද මේ විනට අඩි 25ක ස්ථරයකදී නවතා දමා තිබන්නේ පාෂාණ තට්ටුවක් හමුවිම හේතුවෙන්. වෛද්‍යවරුන් දරුවාගේ තත්ත්වය අඛණ්ඩව නිරික්ෂණය කරමින් ඔක්සිජන් ලබාදීමට කටයුතු කරන නමුත් දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වන්නේ නැහැ.

මීට පෙරද අවස්ථා ගණනාවකදී ඉන්දියාව තුල අනාරක්ෂිත නළ ලිං වලට දරුවන් ඇද වැටීමේ සිද්ධීන් රැසක් වාර්තා වූ අතර එහි ආසන්නතම සිදුවිම ඉකුත් ජූලි මාසයේ වාර්තා වන්නේ ගුජරාට් ප්‍රාන්තයෙන්. ඒ අඩි 500ක ගැඹුරු නළ ලිදකට 12 හැවිරිදි දැරියක් ඇද වැටීමයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now