දුම්රිය මාර්ගයේ ඇඳවැටුනු දරුවෙකුට දෙමාපියන් බලාසිටියදී සිදුවූ දේ.

Accident Galle Aluthgama Railway Train accident
By Aruna Dec 19, 2021 05:44 AM GMT
Report

අලුත්ගම දුම්රිය ස්ථානය ආසන්නයේදී ගාල්ල සිට ගල්කිස්ස දක්වා ධාවනය වූ දුම්රියේ ගැටී වයස අවුරුදු 9ක දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ මියගිය දරුවා දර්ගා නගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

අලුත්ගම දුම්රිය ස්ථානයෙන් අදාළ දුම්රිය පිටත්වීමට සූදානම් වූ අවස්ථාවේ දුම්රිය හරස් මාර්ගයේ අනෙක් පස සිටි දෙමාපියන් තමන් වෙතට පැමිණෙන්නැයි කළ දැනුම්දීමත් සමඟ පැමිණි දරුවා දුම්රිය මාර්ගයේ ඇද වැටීමත් සමඟයි දුම්රියේ ගැටී ඇත්තේ.

මෙලෙස මියගිය දරුවාගේ සිරුර මේ වනවිට කළුතර නාගොඩ රෝහලේ තැන්පත් කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now