මැතිවරණ ක්‍රමයේ වෙනසක්..? වැඩි විස්තර..

election parliament Dinesh Gunawardhana Nimal Siripala GL Piris
By Sewvandhi Feb 10, 2022 09:52 AM GMT
Report

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා, ඊට අඩංගු විය යුතු කරුණු සම්බන්ධයෙන්,  රැස් වූ එම කාරක සභාව සාකාච්ඡා කළ බව, එහි සභාපති අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළා.

මැතිවරණ ක්‍රමය කුමක් විය යුතුද යන්න මෙහිදී සාකාච්ඡාවට ලක්වී ඇති අතර, මිශ්‍ර ඡන්ද ක්‍රමයක් හඳුන්වා දෙන්නේ නම් කොට්ඨාශ හා අනුපාත ප්‍රතිශතයන්, කෙසේ විය යුතුද යන්න පිළිබඳවද කාරක සභාවේ දී සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

එමෙන්ම කාන්තා නියෝජනය පිළිබඳවද සාකච්ඡාවට ලක් වූ බව එහි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළා. මෙම විශේෂ කාරක සභාව මේ මස 22 හා 24 යන දිනවල යළිත් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතයි.

පසුගියදා (10) පැවති මෙම විශේෂ කාරක සභා රැස්වීම සඳහා  ජී.එල්.පීරීස්, නිමල් සිරිපාලද සිල්වා යන අමාත්‍යවරු, සාගර කාරියවසම්,මධුර විතානගේ, ජීවන් තොණ්ඩමන්, කබීර් හෂීම්, රංජිත් මද්දුමබණ්ඩාර, එම්. ඒ. සුමන්දිරන්, මනෝ ගනේෂන් යන මන්ත්‍රීවරුද සහභාගී වුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now