රටේ නීති පද්ධතියේ වෙනසක්. ජනපතිගෙන් ප්‍රකාශයක්.

Ranil Wickremesinghe
By Wayomi Nov 10, 2022 08:07 AM GMT
Report

රටේ නීති පද්ධතිය නවීකරණය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

එහිදී එතුමා වැඩිදුරටත් කියා සිටියේ, මේ වසරේ දී මෙන්ම ලබන වසරේදී සියලුම නීති පද්ධති නවීකරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

"අධිකරණ ඇමතිතුමා වැදගත් කාරණා දහයක් ඉදිරිපත් කර තිබෙනවා.අපේ නීති නවීකරණය කළ යුතුව තිබෙනවා. ඒ වැඩකටයුතු එතුමාට බාරදී තිබෙනවා. එයින් කොටසක් අද ඉදිරිපත් කර තිබෙනවා. අප බලාපොරොත්තු වන්නේ මේ වසරේදීත්, එන වසරේදීත් සියල්ලම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නයි .ඕන නම් වැඩිපුර දවස් හෝ පාර්ලිමේන්තුව රැස්වී සම්මත කර ගනිමු. නීති නවීකරණය කිරීම වැදගත් දෙයක්."    


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW