Nike පාවහන් නිෂ්පාදනයේ වෙනසක්. එම සමගම ගත් අලුත්ම තීරණය මෙන්න.

World
By Wayomi Mar 15, 2023 10:53 AM GMT
Wayomi

Wayomi

in ලෝකය
Report

ලෝක ප්‍රකට ක්‍රීඩා ඇඳුම් සහ පාවහන් නිෂ්පාදන සමාගමක් වන 'නයිකි' සමාගම විසින් තම නිෂ්පාදන සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ, ඔවුන්ගේ නවතම පාවහන් නිෂ්පාදන සඳහා කැන්ගරු හම් යොදා ගැනීම නවතා දමන බවට ප්‍රකාශ කර තිබෙනවා.

මෙහිදී එම ආයතනය කැන්ගරු සම භාවිතය වෙනුවට කෘතිම ද්‍රව්‍යයක් සහිත Tiempo Legend Elite නමින් නව Tiempo පාපන්දු බූට් පෙළක් හඳුන්වා දෙන බවයි.

"නයිකි" මෙම තීරණය ගෙන ඇත්තේ, ඔවුන්ගේ ප්‍රතිවාදියා වූ ජර්මානු සමාගමක් වන පූමා සමාගමත් මීට සති කිහිපයකට පෙර ඊට සමාන තීරණයක් ගැනීමත් සමඟයි.

කෙසේ වෙත්ත විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම තීරණය නිසා සත්ත්ව අයිතීන් සම්බන්ධයෙන් අතිශය සංවේදී වන පිරිස් වෙතින් අදාල සමාගම් සපත්තු සඳහා සත්ත්ව සම් භාවිත කිරීම පිළිබඳ මතභේදය පහව යනු ඇති බවයි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW 


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර මෙතැනින්