ලෝක ප්‍රකට ඇපල් සමාගමට වුණ දෙයක්.. - අයිෆෝන් වලට කුමක් වෙයි ද?.

iPhone Apple Technology Latest Headlines
By krishani Mar 22, 2024 02:33 PM GMT
Report

ස්මාට්ෆෝන් වෙළඳපොළ ඒකාධිකාරී කිරීම සම්බන්ධයෙන් ඇමරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුව සහ ප්‍රාන්ත 15ක් එකතුව ලෝක ප්‍රකට ඇපල් සමාගමට එරෙහිව විශ්වාසභංග නඩුවක් ගොනු කර තිබෙනවා.

ලෝක ප්‍රකට ඇපල් සමාගමට වුණ දෙයක්.. - අයිෆෝන් වලට කුමක් වෙයි ද?. | A Case Against Apple

ඒ අනුව මෙම ඒකාධිකාරය ගොඩනගා ගැනීම හරහා ඇපල් සමාගම අධික ලෙස ලාභ ලබන බව ඔවුන් චෝදනා කර සිටියි.

අයිෆෝන් එකක් සඳහා ඩොලර් 1,599ක් දක්වා අය කිරිම මේ බව තහවුරු වන බවත්, එම මුදල තරගකාරී අනෙක් සමාගම් හා සංසන්දනය කරන විට ඉතා අධික බවටත් ඔවුන් චෝදනා කළේ ය.

මෙලෙස ගොඩ නගාගෙන ඇති ඒකාධිකාරය හේතුවෙන් පාරිභෝගිකයින්ට වැඩි මිලක් ගෙවීමට සිදුනොවිය යුතු බව ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව තර්ක කළේ ය.

එමෙන්ම මෘදුකාංග සංවර්ධකයින්, කෙඩිට් කාඩ් පත් සමාගම්, ගූගල් වැනි තරගකාරී අනෙකුත් ව්‍යාපාරික ආයතනවලින් ඇපල් සමාගම ගාස්තු අය කිරීමට කටයුතු කරන බවත්, අවසානයේ එම පිරිවැයත් ඇපල් ජංගම දුරකථන භාවිත කරන පාරිභෝගිකයන්ට දැරීමට සිදුව ඇති බවත්, අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව මතු කරන තවත් තර්කයක් වේ.

කෙසේ වෙතත්, නීතිපති මෙරික් ගාර්ලන්ඩ් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ මේ තත්ත්වය ද ඇපල් සමාගමේ අසීමිත ලාභ ලැබීමට හේතු වී ඇති බව ය.