කොරෝනා පාලනයට ශ්‍රී ලංකාවේ හදපු සුපිරිම භාණ්ඩය මෙන්න..ජාත්‍යන්තරයටත් යයි.!!!

Corona Sri Lanka Technology Covid control cap
By Aruna Mar 17, 2022 03:50 AM GMT
Report

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීම පාලනය සඳහා වෛරස විනාශ කළ හැකි තොප්පියක් හඳුන්වා දීමට තමන්ට හැකිවූ බව විශේෂඥ වෛද්‍ය සනත් හෙට්ටිගේ මහතා පවසනවා.

රසායනික ද්‍රව්‍ය ගල්වන ලද තොප්පිය භාවිත කිරීමෙන් හිස, ගෙල සහ නළල ප්‍රදේශයට පතිතවන වෛරස ස්වසන මාර්ගයට ඇතුළු වීම අවම කරගත හැකි බවයි ඔහු මාධ්‍යයට ප්‍රකාශ කළේ.

විශේෂඥ වෛද්‍ය සනත් හෙට්ටිගේ මහතා මීට පෙර ද ඩෙංගු මර්දනය සඳහා සුවිශේදී ඹෟෂධයක් නිෂ්පාදනය කරනු ලැබුවා.

එනම් ඩෙංගු මර්ධනයට ගස්ලබු කොළ භාවිත කරමින් ඖෂධයක් හඳුන්වා දුන් අතර ඒ වෙනුවෙන් ඔහුට වෛද්‍ය විද්‍යාවේ හොඳම සොයා ගැනීමට හිමි ජනාධිපති සම්මානය පවා 2016 වසරේදී හිමි වුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now