රූපවාහිනී නාලිකාවක සජීවී දේශපාලන වැඩසටහනක් අතර තුර ගුටි කෙලියක්.. එහි දර්ශන මෙන්න.(VIDEO)

Youtube Pakistan Sri Lanka Social Media World
By Aruna Sep 30, 2023 01:47 AM GMT
Report

දේශපාලන සංවාදාත්මක වැඩසටහනක් අතරතුරේ, සජීවී ගුටි කෙළියක් දැකගැනීමට නරඹන්නන්ට විශේෂ අවස්ථාවක් පාකිස්තානයේ පෞද්ගලික රූපවාහිනී නාළිකාවකදී දැක ගන්නට ලැබුණා .

වැඩසටහනට සහඟාවී වූයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ 'තරීක් ඊ ඉන්සාෆ්' පක්ෂයේ අපේක්ෂක නීතීඥ ෂාර් අෆ්රාල් මර්වාත් සහ 'පාකිස්තාන මුස්ලිම් ලීගය' පක්ෂයේ අපේක්ෂක සෙනෙට් සභික අෆ්නරුල්ලා ඛාන් යන දෙදෙනාය.

දේශපාලන මතවාද සම්බන්ධයෙන් පළමුවෙන් එකිනෙකාට වාග් ප්‍රහාර එල්ල කරගත් දේශපාලනඥයන් දෙදෙනා, ඉන්පසු අසුන්වලින් නැගිට ගුටි බැට හුවමාරුවක් දක්වා එය දුරදිග ගිය බව එම වීඩියෝවේ දකින්නට ලැබේ.

ගුටි කෙළිය සජීවීව නාළිකාව ඔස්සේ විකාශය වූ අතර, ගුටි කෙළිය නැවැත්වීමට වැඩසටහන මෙහෙයවූ නිවේදකයාටත්, නිෂ්පාදන කණ්ඩායමටත් මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බවයි වාර්තා වන්නේ.

අදාල වීඩියෝව පහතින් නරඹන්න.