ඇල්ල කඳුවැටිය නගින්න ගිය තරුණයෙකුට අත්වූ අවාසනාවන්ත ඉරණම..

Accident Death
By Aruna Feb 23, 2024 02:31 AM GMT
Report

ඇල්ල ප්‍රදේශයේ සංචාරය කළ පුද්ගලයෙකු ඊයේ (22) රාත්‍රියේ අවාසනාවන්ත ලෙස අනතුරකට මුහුණදී ජීවිතක්ෂයට පත්වී තිබෙන පුවතක් වාර්තා වනවා.

ඊයේ උදෑසන මිතුරෙකු සමග ඇල්ල කඳුවැටියට නැග සවස් කාලයේදී ඉන් බැසීමට ගිය පුද්ගලයෙකු මෙලෙස ප්‍රපාතයකට ඇදවැටී මියගොස් ඇති බවයි, පොලීසිය සඳහන් කළේ.

අවාසනාවන්ත ලෙස මිය ගිය ඔහු 32 හැවිරිදි බොරගොල්ල බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙලෙස රාවනා ඇල්ල ප්‍රදේශයෙන් ඇද වැටුණු පුද්ගලයාව වැල්ලවාය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණත් ඔහු මියගොස් තිබූ බවයි, පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.