පියාසර කරමින් තිබූ ගුවන් යානයක බෝම්බ බියක්..

By krishani Dec 05, 2022 08:32 AM GMT
Report

පෝලන්තයේ සිට එක්සත් රාජධානිය බලා පියාසර කරමින් තිබූ EasyJet ගුවන් යානයක් බෝම්බයක් ඇති බවට වාර්තා වීමත් සමග චෙක් ජනරජය වෙත හරවා යවා ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ක්‍රකොව් සිට බ්‍රිස්ටල් බලා පියාසර කළ ගුවන් යානය ඊයේ (04) සවස ප්‍රාග් ගුවන් තොටුපළ වෙත හරවා යැවීමෙන් පසු ආරක්ෂිතව ගොඩබස්වා ඇති බව ය.

පරීක්ෂණ සඳහා නිලධාරීන් එම ස්ථානයට පැමිණි ඇති අතර එහි බෝම්බයක් නොතිබූ බව චෙක් ජනරජය පවසයි.

මගීන්ගේ ආරක්ෂාව සහ යළි ගුවන් ගමන ආරම්භ කිරීමට සහතික කිරීමට වන සියලු ක්‍රියාමාර්ග චෙක් ජනරජයේ පොලිසිය විසින් සිදු කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join