බෝම්බ පිපිරීමක් - පුද්ගලයෙක් ජිවිතක්ෂයට.. තවත් 12කට තුවාල.. (විදෙස්)

Myanmar Bomb Blast
By krishani Jul 31, 2023 11:36 AM GMT
Report

ගිනිකොණ දිග මියන්මාරයේ සිදු වූ බෝම්බ පිපිරීමකින් එක් අයෙකු ජිවිතක්ෂයට පත්ව 12 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මෙලෙස පුපුරා ගොස් ඇත්තේ මෝටර් රථයක සවි කළ බෝම්බයක් ය.

මෙම ප්‍රහාරයේ වගකීම කිසිවකුත් මෙතෙක් භාරගෙන නොමැත.

මේ අතර, 2021 වසරේ දී හමුදා කුමන්ත්‍රණයකින් මියන්මාර නායිකා අවුන්සාන් සුකී බලයෙන් පහ කිරීමෙන් පසු බිහි වූ මිලිටරි පාලනයත් සමඟ එරට ඇති වූ සිවිල් ගැටුම් හේතුවෙන් 3800 දෙනෙකු මිය ගොස් තිබෙනවා.