ඉහළ අහසේදී ගුවන් යානයේ කුරුල්ලෙකු ගැටී නියමු කුටියට කඩා වදී - වීඩියෝ සහිතයි..(VIDEO)

Ecuador Accident
By Sithumi Jun 16, 2023 10:08 AM GMT
Sithumi

Sithumi

in එතෙර
Report

ඉක්වදෝරයෙන්, ඉහළ අහසේ පියාසර කරමින් තිබූ ගුවන් යානයක ගැටුණු කුරුල්ලෙකු නියමු කුටියට කඩාවැදීම හේතුවෙන් ගුවන් යානය ආරක්ෂිතව ගොඩබැස්ස වූ පුවතක් වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉක්වදෝරයේ ලෝස් රියෝස් ප්‍රාන්තයේදී මෙලෙස කුරුල්ලෙකු වැදී ඇත්තේ කුඩා ගුවන් යානයක වන අතර කෙසේ වෙතත් නියමුවා විසින් යානය සාර්ථකව ගොඩ බැස්සවීමට සමත් වී ඇති බවයි 

මෙම සිදුවීමේ වීඩියෝ පටය සමාජ මාධ්‍යයේ වේගයෙන් සංසරණය වෙමින් පවතින අතර, එහි දැක්වෙන්නේ මුහුණේ ලේ තැවරුණු නියමුවා සන්සුන්ව ගුවන් යානය පදවන ආකාරයයි. නියමුවා විසින්ම අදාළ වීඩියෝව පටිගත කර තිබීම විශේෂත්වයක්. එම අවස්ථාවේ යානයේ සිට ඇත්තේ නියමුවා පමණක් බව සඳහන්.

එම වීඩියෝව පහතින්...