ගැහැණු - පිරිමි සමාන කරන්න යන පනතට අද ලැබුණු තීරණය.

Parliament of Sri Lanka Sri Lanka Cabinet Government Of Sri Lanka
By Wayomi Mar 13, 2024 09:50 AM GMT
Report

ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා 2022-9-5 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම අනුමැතිය ලබාදී ඇත.

එලෙස සකස් කරනු ලැබ ඇති ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සඳහා නීතිපති අවසරය ලබා දී ඇති අතර එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව මෙලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.