බැංකුවක ආරක්ෂක නිලධාරියෙකුගේ ගිනි අවියක් හදිසියේ පත්තුවෙයි..අයෙක් රෝහලේ.
Accident
Narammala
Government back
By Aruna
නාරම්මල පෞද්ගලික බැංකුවක ආරක්ෂක නිලධාරියෙකුගේ ගිනි අවිය අත්වැරදීමකින් ක්‍රියාත්මක වී තිබෙනවා.
මෙම සිදුවීමෙන් තුවාල ලැබූ සේවකයෙකු රෝහල්ගත කළ බව නාරම්මල පොලීසිය ප්‍රකාශ කළා.
පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ, මෙම සිද්ධිය අද උදෑසන සිදු වූ බව යි.
මේ හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, කෙසේවෙතත් ඔහුගේ තත්ත්වය බරපතළ නො වන බවටයි වාර්තා වන්නේ.
මේ සිදුවීමෙන් අනතුරුව අදාළ පෞද්ගලික බැංකුවේ ගනුදෙනු කටයුතු සුළු වෙලාවකට වසා තැබූ බවයි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |