නිධන් හෑරූ බැංකු කළමනාකරු - පුරාවිද්‍යාවේ අවසරයත් හිමිවෙලාද..?

Sri Lanka Police Sri Lanka Police Investigation Crime
By Sewvandhi Feb 25, 2024 08:55 AM GMT
Report

පොළොන්නරුව පොලිසිය විසින්පො,ළොන්නරුව ඉසිපතන මාවතේ, වකුගඩු රෝහල පිටුපස ඇති අවන්හල් භූමියක පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදු කරමින් සිටි දඹුල්ල ප්‍රදේශයේ පෞද්ගලික බැංකු කළමනාකාරවරයෙකු ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, එහිදී පුරාවස්තු සෙවීමට යොදාගත් බැකෝ යන්ත්‍රයක්, කැණීම් කිරීමට යොදාගත් උපකරණ තොගයක්, වතාවත් කිරීමට ගෙනා පූජා භාණ්ඩ සහ ඔවුන් පැමිණි වාහනද පොලිස් භාරයට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දඹුල්ල, ගිරිඋල්ල, මාකොළ, මහරගම, සියඹලන්ගමුව යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

පොලිසිය සඳහන් කළේ, පුරාවස්තු කැණීම් සිදුකළ ඉඩම ඔවුන් මීට වසර කිහිපයකට පෙර මුදලට ලබාගෙන ඇති බවත්, ඒ තුළ පිහිනුම් තටාකයක් හදන මුවාවෙන් කැණීම් සිදුකර තිබෙන බවත්ය.

පොලිසිය පැවසුවේ, එහිදී කැණීම් සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසර ලබාගෙන ඇති බවට සැකකරුවන් ප්‍රකාශ කළද, ඔවුන්ට ඒ සඳහා කිසිඳු අනුමැතියක් හිමිවූ ලියකියවිලි ඉදිරිපත් කිරීමටද නොහැකි වූ බවයි.

කෙසේවෙතත් ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචි පූජාව සිදුකළ ගුරුන්නාන්සේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙම නීතිවිරෝධී කැණීම ගැන සියලු තොරතුරු හෙළිකළ බවයි පොලිසිය සඳහන් කළේ.