දවස් 03න් තුනට මාරු වෙන කෙසෙල් ගෙඩියක්..ප්‍රසිද්ධියේ ඇති රහස මෙන්න..

Indian 2 World
By Aruna May 02, 2023 12:06 AM GMT
Report

දකුණු කොරියානු චිත්‍ර ශිෂ්‍යයෙක් විසින් තමන් උදේ ආහාරය ලබා නොගත් බව පවසමින් කලාකෘතියක් ආහාරයට ගෙන තිබෙනවා.

Maurizio Cattelan නම් චිත්‍ර ශිල්පියාට අයත් වන නිර්මාණයක් වන මෙහි එක් කොටසක ඇති කෙසෙල් ගෙඩියක් මෙසේ ආහාරයට ගෙන තිබීම විශේෂත්වයක්.

කෙසෙල් ගෙඩිය අනුභව කිරීමෙන් පසු, ශිෂ්‍යයා, එම කෙසෙල් ලෙල්ල බිත්තියේ සවිකර තිබෙන බවයි වාර්තා වන්නේ.

 ඔහු නමින් Noh Huyn-soo වන අතර, පසුව කෞතුකාගාරයේ නිලධාරීන් විසින් කළා කෘතියේ නියමිත ස්ථානයේ වෙනත් කෙසෙල් ගෙඩියක් තබා තිබේ.

මිනිත්තුවකට වඩා වැඩි කාලයක් පැවති මෙම සිදුවීම එම සිසුවාගේ මිතුරෙකු විසින් පටිගත කර තිබෙන බවයි විදෙස් වාර්තා පැවසෙන්නේ.

නමුත් ඒ වීඩියෝ පටය මාධ්‍ය වෙත මුදා හැර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම මෙසේ ප්‍රදර්ශනයට තබා ඇති කෙසෙල් ගෙඩිය දින දෙක තුනකට වරක් වෙනස් කරන බවද Leeum Musuem of Art ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now