ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට පැනවූ තහනමක් තවදුරටත් දීර්ඝ කෙරේ.
Afghanistan
By Wayomi
ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට, රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු කිරීම සඳහා පැනවූ තහනම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, තලේබාන් පාලනය එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඒ සම්බන්ධයෙන් මේ දක්වා දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.
කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු කිරීම පසුගිය වසරේ දී තහනම් කෙරුණු අතර, මේ හේතුවෙන් ඇෆ්ගනිස්ථානය තුළ කටයුතු කිරීමෙන් රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් ඉවත්වුණා.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ජගත් සංවිධානයේ නියෝජිතයින් පිරිසක් කාබුල් නුවරදී තලෙයිබාන් සංවිධානය සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |