අඹ කැඩීමට ගිය සාජන් මේජර්වරයෙකු විදුලි සැර වැදී මියයයි...(PHOTOS)

Sri Lanka Army Sri Lanka
By Sewvandhi Jun 27, 2022 02:53 PM GMT
Report

ගිරිඋල්ල හමන්ගල්ල ප‍්‍රදේශයේ මිතුරෙකුගේ නිසකට පැමිණි 46 හැවිරිදි සාජන් මේජර්වරයකු එම නිවසේ ගෙවත්තේ තිබූ අඹ ගසක ගෙඩි කඩන්නට ගොස් අධිබලැති විදුලිය වැදී මියගොස් ඇතැයි පොලිසිය කියයි.

කෙක්කක ආධාරයෙන් අඹ කඩා ඇති අතර එම කෙක්ක අධිබලැති විදුලි රැහැනේ ගැටී බිම ඇදවැටීම නිසා බරපතල තුවාල ලබා දඹදෙණිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතිබව ගිරිඋල්ල පොලීසිය කියයි

මෙසේ මියගොස් ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදා 03 වන සංඥා බළකායට අනුයුක්තව දියතලාව ඇකඩමියේ සේවය කරන සාජන් මේජර්වරයෙකු වන බණ්ඩාරවෙල මකුල්ඇල්ල මිහිරන්වත්ත ප‍්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි එදිරිමුණි දේවයලාගේ අජන්ත රෝහන නැමති දෙදරු පියෙකු බවත් පොලීසිය පවසයි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Gallery