වස පොවා ඝාතනය කළ මාස 9ක බිලින්දාගේ මරණයට සැබෑ හේතුව හෙළිවෙයි..මරණ පරීක්ෂණයේදී එළියට ආ දේ

Sri Lanka Sri Lanka Police Investigation
By Sithumi Jun 17, 2022 12:01 PM GMT
Report

තෙලිජ්ජවිල ඇල්ගිරිය කන්දහේන ප්‍රදේශයේදී මියගිය මාස 9ක් වයසැති බිළිඳාගේ මරණයට හේතුව ශ්වසන මාර්ගයේ ආහාර සිරවීම බවට අනාවරණ වී තිබෙනවා.

අද සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුවයි මෙම කරුණු හෙළිවී ඇත්තේ. මෙම දරුවාට උපතින්ම ශ්වසන මාර්ගයේ සහ ගල නාලයේ සිදුරු දෙකක් වෙන් වෙන් වශයෙන් පිහිටා තිබී ඇති අතර දරුවා ඉපදී සතියකින් ගාල්ල කරාපිටිය රෝහලේ දී ශල්‍යකර්මයකට ද භාජනය කර තිබුනා.

එහිදී පෙර තත්ත්වයටම නැවතත් මෙම දරුවා පත්ව ඇති අතර අනතුරුව මාස තුනකට පසුව නැවත කරාපිටිය රෝහලේ දී ශල්‍යකර්මවලට භාජනය කර තිබු බව සඳහන්.

එම දරුවාගේ මව මෙම කරුණු සම්බන්දයෙන් නොදැනුවත් කම හේතුවෙන් දැඩි ලෙස බියට පත්ව ලිපියක් ලියා තබා නිවසින් බැහැරව ගොස් තිබුණා. පසුව පලාගිය 22 හැවිරිදි මව, ගොඩකවෙල පොලිසිය විසින් අද (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දරුවා විසින් ගන්නා ආහාර ද්‍රව්‍ය ශ්වසන මාර්ගයට ඇතුලත් වීම නිසා මෙම මරණය සිදුවී ඇති බවටයි දරුවාගේ මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ. පොලිසිය මීට පෙර සකකරුනු ලැබුවේ මෙම කාන්තාව විසින් දරුවාට වස පොවා මෙම දරුවා ඝාතනය කර ඇති බවටයි.

පසුගිය 15 වනදා අදාළ නිවසේ සිටි වැඩිමහල් දරුවා හඬන ශබ්දය ඇසීමත් සමඟ ප්‍රදේශවාසීන් පැමිණ සිදු කළ සෝදිසි කිරීමේදී මෙම බිළිඳා මුඛයෙන් සෙම දමමින් බිම ඇඳ වැටී සිටිනු දැක ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම අවස්ථාවේ නිවසින් පිටතට ගොස් සිටි දරුවාගේ පියාද පැමිණ ඇති අතර මව ඒ වන විට නිවසින් පලා ගොස් සිටි බවටයි පියා පොලිසියට පැමිණිළි කර තිබුණේ.

තමන් ස්නානය කර පැමිණි අවස්ථාවේ දරුවා සෙම වමනය කරමින් බිම වැටී සිටි බවත්, සැමියා දරුවාගේ මරණයට තමන් වග කිව යුතු බවට චෝදනා කරනු ඇතැයි බියෙන් නිවසින් පලා ගිය බවයි අත්අඩංගුවේ සිටින බව පොලිසියට පාපොච්චාරණය කර ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now