ඉන්දියාවේ WhatsApp ගිණුම් ලක්ෂ 98ක් තහනම්

WhatsApp India Technology Latest Headlines Sinhala news
By Shehan Aug 04, 2025 09:23 AM GMT
Report

අනිසි ලෙස භාවිතය සහ හානිකර හැසිරීම් මැඩපැවැත්වීම සඳහා ක්‍රියාත්මක වන පියවරවල කොටසක් ලෙස, 2025 ජූනි මාසය තුළ ඉන්දියාවේ WhatsApp ගිණුම් ලක්ෂ 98කට අධික ප්‍රමාණයක් තහනම් කර තිබෙන බව WhatsApp ආයතනයේ මාසික වාර්තාවක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම ගිණුම්වලින් ලක්ෂ 19.79 කට ආසන්න ප්‍රමාණයක්, පරිශීලක පැමිණිලි ඉදිරිපත් කිරීමට පෙරම තහනම් කර තිබෙනවා.

WhatsApp සමාගම විදෙස් මාධ්‍යවලට පවසා තිබුණේ, හානිකර ක්‍රියාකාරකම් ආරම්භ වීමට පෙරම වැළැක්වීම ඔවුන්ගේ ප්‍රමුඛතාවය බවයි. එම වාර්තාව අනුව, ජූනි මාසයේදී ගිණුම් තහනම් කිරීම් සම්බන්ධව WhatsApp සමාගමට තහනම් අභියාචනා 16,069ක් ලැබී ඇති අතර, ඒ අතරින් ගිණුම් 756ක් සඳහා පියවර ගන්නා ගෙන තිබෙන බව සඳහන්.

සමාගමට ලැබුණු සමස්ත පරිශීලක පැමිණිලි සංඛ්‍යාව 23,596ක් වන අතර, ඒවාගෙන් ගිණුම් 1,001ක් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත් බවද වාර්තාවේ සඳහන් වෙයි.