71ක් හැවිරිදි වයෝවෘද්ධ මාතාවකට කාමරාගී පාපියෙක් සිදුකළ අහස පොළොව නුහුලන අපරාධය..
Sri Lanka Police
Sri Lanka
By krishani
Courtesy: Divaina
71ක් හැවිරිදි වයෝවෘද්ධ මාතාවක් බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ අරඹා ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පෙරේදා(10 දා) පැවසීය.
බෙල්ල කපා මරා දමන බවට බිය ගන්වා ලිංගික අතවරය සිදුකර ඇති බව මෙන්ම ඇය නිවසේ හුදෙකලාව ජීවත්වන බවත් නිවස ආසන්නයේ දියණියක් පදිංචිව සිටින බවත් පොලිසිය සඳහන් කරයි.
ලිංගික අපයෝජනය නිසා ඇය අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි පොලිසිය වැඩිදුරටත් කියාසිටියේ.සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |