ගේ ඇතුලේ අප්‍රසන්න පුස් ගඳවල් නැති කරන ක්‍රම 7ක්.

By Wayomi Oct 21, 2022 12:09 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

සාමාන්‍යයෙන් ගෙවල් ඇතුලේ එන සපත්තු ගඳවල්, සමහර බිත්ති කොන් වල වතුර කාන්දු වීම් හා දිය සෙලව බැඳිලා තිබීමෙන් වගේම වාතාශ්‍රයේ තෙතමනය වැඩිකම නිසා අප්‍රසන්න පුස් ගඳවල් එන්න පුළුවන්. ඉතින් අපි බලමු එම පුස් ගඳවල් නැති කරන ක්‍රම කිහපයක් ගැන.   

මුලින්ම නිවස තුළට හොඳින් වාතාශ්‍රය ලැබෙන විදියට ජනෙල් දොරවල් විවෘත කරන්න. ඒ වගේම සෝදන්නේ නැතිව ගේ ඇතුලේ ඔහේ දාලා තියෙන සපත්තු එහෙම එළියට දාන්න.

1. කෝපි කුඩු

🧩 කෝපි කුඩු ටිකක් බඳුනකට දමන්න.එය නිවසේ පුස් ගඳ හමන ස්ථානයේ ටික වෙලාවක් ගත වන තුරු තබන්න. කෝපි මඟින් දුගඳ අවශෝෂණය කරගනියි.‍ (’ෆියුරිල්මෙතනෙතියෝල්’ නම් සංඝටක අඩංගු වනනිසා කෝපි වල ප්‍රබල හා ඉමිහිරි සුවඳක් වහනය වෙනවා.)


2. ලුණු

🧩 බඳුනක් පිරෙන්න ලුණු දමා නිවසේ පුස් ගඳ හමන තැනක තබන්න. වෙන කිසිවක් කිරීමට අවශ්‍ය නැහැ. ලුණු මඟින් පුස් ගඳ අවෂෝෂණය කරගනියි.


3. වැනිලා සාරය

🧩 බඳුනකට වැනිලා ටිකක් වත්කරන්න.පුස් ගඳ හමන ස්ථානයේ එය තබන්න. මද වෙලාවක් ගත වන විට වැනිලා සුවඳ මුළු කාමරයේම පැතිරෙන්නට පටන්ගනියි.ල ( නමුත් පුස් ගඳ සම්පූර්ණයෙන්ම ඉවත්වීමක් සිදුවන්නේ නැහැ. ගඳ ආවරණය වීමක් පමණයි සිදුවන්නේ.)


4. ලෙමන් පොතු

🧩 උණු කරගත් වතුරට ලෙමන් පොතු දමා තැම්බෙන්නට හරින්න.ඉන් ලෙමන් සුවඳ වහනය වීමට පටන්ගත් පසු , පුස් ගඳ හමන කාමරයේ බිමින් එම බඳුන තබන්න.සිසිල් වූ පසුව, එම වතුර ස්ප්‍රේ බෝතලයක් ආධාරයෙන් වටේට ඉහින්නත් පුළුවන්.


5. බේකිං සෝඩා

🧩 බඳුනකට බේකිං සෝඩා දමන්න.වැසී ඇති ස්ථානයක පැය 24 ක් පමණ තිබෙන්නට හරින්න.තෙතමනය උරාගනිමින්, පුස් ගඳ දුරු වී ගොස් තිබේවි.( සෝඩියම් බයිකාබනේට් හෙවත් බේකිං සෝඩා වැසුණු (සංවෘත) ස්ථාන වල දුගඳ නැතිකිරීමට හොඳ පිළියමක්.දුගඳ නැතිකරන විශේෂ සෝඩා නිෂ්පාදන පවා වෙළඳපොලේ තිබෙනවා.ශීතකරණය හා කබඩ් රාක්ක වැනි නිවසේ වැසුණු ස්ථාන වලට මේවා භාවිතා කළ හැකියි.)


6. කුරුඳු

🧩 කපු රෙදි කැබැල්ලකට හෝ බෑගයකට කුරුඳු කුඩු ටිකක් දමන්න.රාක්ක, ලාච්චු, කබඩ්, අල්මාරිය වැනි තැන් වල එය පොට්ටනියක් ලෙස තබන්න.(කුරුඳු යනු සුවිශේෂී හා ප්‍රබල සුවඳක් තිබෙන කුළුබඩුවකි.)


7 දුගඳ ඇතිකරවන දියසෙවල ඉවත්කරගන්න හැටි

නාන කාමරයේ , වැසිකිළියේ පුස් ගඳ හැමීමට ප්‍රධාන හේතුවක් තමයි දිය සෙවල බැඳීම.මේවා ඔබේ සෞඛ්‍යයට හානිකර වෙන්න පුළුවන්.

පුස් දිලීර හා දිය සෙවල බැඳීම වළක්වාගැනීමට කළ හැකි දේවල්.

🧩 බ්ලීංච් කුඩු කෝප්ප 1 ක් වතුර ලීටර් 4 ක් සමඟ මිශ්‍ර කරන්න.දියසෙවල බැඳී ඇති තැන් වල රළු බුරුසුවක් ආධාරයෙන් මෙම මිශ්‍රණය යොදන්න.මෙය වෙනත් පිරිසිදුකාරක දියර සමඟ මිශ්‍ර නොකරන්න.ඉන් රසායනික ප්‍රතික්‍රියා ඇතිවිය හැකියි.

🧩 වැසිකිළිය හා නාන කාමරය නිතර පිරිසිදුව තබාගන්න.

🧩 සෙවල බැඳී ඇති තැන් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්, විනාකිරි හෝ බ්ලීච් භාවිතයෙන් අතුල්ලා පිරිසිදු කරන්න.මේවා එකට මිශ්‍ර නොකළ යුතුයි.වෙන වෙනම භාවිතා කරන්න. මිශ්‍ර කිරිමෙන් අහිතකර රසායනික සංඝටක ඇතිවෙන්නට පුළුවන්.  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW