යුධ හමුදාවෙන් වහාම කණ්ඩායම් 07ක් - විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙවැන්නකී..
                                    
                    Sri Lanka Army
                
                                                
                    Department of Meteorology
                
                                                
                    Weather
                
                                                
                    Floods In Sri Lanka
                
                                                
                    Latest Headlines
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    යුධ හමුදාව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ගංවතුර හේතුවෙන් විපතට පත්වූ ජනතාව බේරාගැනීම සඳහා කණ්ඩායම් 7ක් යොදවා ඇති බවයි.
ඒ අනුව එක් බෝට්ටුවක් සමග කිරිඇල්ල, දෙහිඕවිට, ගලතුරු ඔය, මොරවක, තවලම සහ තිහගොඩ ප්‍රදේශ සඳහා යුද හමුදා කණ්ඩායම් 6ක් යොමුකර ඇත.
එමෙන්ම, නෙළුව ප්‍රදේශයට බෝට්ටු 2ක් සමග යුද හමුදා කණ්ඩායමක් යොමුකර ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.
මේ අතර, මේ වන විට මාලිම්බඩ සහ සාලාව ප්‍රදේශයන්හි අවතැන් වූ පිරිස් සඳහා ආහාරපාන සැපයීමට යුද්ධ හමුදා භටපිරිස් විසින් ආහාර පිසීමේ ස්ථානයන් ආරම්භ කර තිබෙනවා.
තව ද, විපතට පත් ජනතාව මුදාගැනීම සඳහා අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඒ සඳහා භටපිරිස් සූදානම් කර තබන ලෙසට යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා විසින් ආරක්ෂක සේනා ආඥාපතිවරුන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.