ගුරුවරු හතකට මරු කැඳවූ වෙඩි තැබීම..

Shooting Pakistan
By Sewvandhi May 05, 2023 08:03 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, වයඹදිග පාකිස්ථානයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් ගුරුවරුන් පස් දෙනෙකු සහ කම්කරුවන් දෙදෙනෙකු මියගොස් තිබේ.

 පාසල් අවසන් වීමෙන් අනතුරුව ගුරුවරුන් විභාග ප්‍රශ්න පත්‍ර සකස් කරමින් සිටින අවස්ථාවේ පාසලට ඇතුළු වු පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබිම සිදුකර ඇති බවයි ඔවුන් වැඩිදුරටත් වාර්තා කරන්නේ.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ජාතිවාදී සහ ආගමික අර්බුදයක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි. වෙඩි ප්‍රහාරය සඳහා වෙඩික්කරුවන් කිහිපදෙනෙකු පැමිණ ඇති බවටද තොරතුරු වාර්තා වෙයි.

ගුරු විවේකාගාරය තුළදී මෙම වෙඩිතැබීම සිදුව ඇති බව එරට ආරක්ෂක බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. කෙසේ වෙතත් ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැත.  


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now