යාත්‍රාවක් පෙරළී පුද්ගලයින් 61ක් අතුරුදන් වෙයි..ඈත දියඹේ සිදුවූ බිහිසුණු සිදුවීම මෙන්න..(PHOTOS)
ලිබියාවට ඔබ්බෙන් වූ මුහුදේදී සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් පෙරළීමෙන් පුද්ගලයින් 61 දෙනෙකු අතුරුදන් වී තිබෙන පුවතක් විදෙස් මාධ්‍ය තුලින් වාර්තා වනවා.
මේ අනුව, විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔවුන් සියලු දෙනා මියගොස් ඇති බවට සැක පල කෙරෙන බවයි.
සංක්‍රමණිකයින් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය සඳහන් කළේ, අනතුර සිදුවන අවස්ථාවේ නයිජිරියාව, ගැම්බියාව ඇතුළු අප්‍රිකානු රටවලින් පැමිණි සංක්‍රමණකයින් 86 දෙනෙකු යාත්‍රාවේ සිට ඇති බවයි.
යුරෝපයට යාමේ බලාපොරොත්තුවෙන් පැමිණෙන සරණාගතයින් සහ සංක්‍රමණිකයින්ගේ ප්‍රධාන පිටත්වීමේ මධ්‍යස්ථානයක් ලෙසයි ලිබියාව සැලකෙන්නේ.
මේ වසරේ ගතවූ කාලය තුල මධ්‍යධරණී මුහුද හරහා පැමිණි අනවසර සංක්‍රමණික යාත්‍රා අනතුරට ලක්වීමෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 2,250 කට අධික බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.