සේවකයින් පිරිසකට කෝටි 61ක බෝනස් දීලා. - සල්ලි ගස් වලින් කඩනවා කියලා හිතුවද මන්ද??

Government Of Sri Lanka Department Of Audit
By Wayomi Mar 23, 2024 10:34 AM GMT
Report

පසුගිය 2022 වර්ෂයේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සේවකයන්ට ප්‍රසාද දීමනා ඇතුළු විවිධ දීමනා ගෙවීමට භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව රුපියල් කෝටි හැට එකකට ආසන්න මුදලක් වැය කර ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා.

මේ අනුව සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවීමට රුපියල් කෝටි 7කට ආසන්න මුදලක්ද වෙනත් විවිධ දීමනා ගෙවීමට රුපියල් කෝටි පනස් හතරකට වැඩි මුදලක්ද වැය කර ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ පාලනාධිකාරිය මේ සම්බන්ධයෙන් විගණන නිලධාරීන්ට කරුණු දක්වමින් පවසන්නේ, ඉහත දීමනා සම්බන්ධයෙන් භාණ්ඩාගාරයෙන් අනුමැතිය ඉල්ලූ බවයි.

මීට සමගාමීව මුදල් අමාත්‍යාංශයේදී ඉකුත් 2022 වර්ෂයේදී මුදල් රාජ්‍ය අමාත්‍ය ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සහ අනෙකුත් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වූ අවස්ථාවේදී ආයෝජන සංවර්ධන මණ්ඩලයේ දීමනා සහ සේවක ප්‍රතිලාභ ක්‍රම සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ලබාගත යුතු බව යෝජනා කෙරුණු බව සඳහන්.