යාත්‍රාවක් පෙරළි 60ක් ජිවිතක්ෂයට - අනතුර සිදුවන අවස්ථාවේ දී 200කට ආසන්නව එහි ඉදලා..

Accident
By krishani Feb 27, 2023 02:48 AM GMT
krishani

krishani

in ලෝකය
Report

දකුණු ඉතාලියට කැලබ්‍රියා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ දි සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් පෙරළී පුද්ගලයින් 60 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වී ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ දී එහි මගීන් 200කට ආසන්න සංඛ්‍යාවක් සිට ඇති අතර අනතුරින් දිවි ගලවාගත් අයෙක්  විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ.

මෙම යාත්‍රාව කැලබ්‍රියා හි වෙරළබඩ නගරයක් වන ක්‍රෝටෝන් අසලට පැමිණීමට උත්සාහ කිරීමේ දී යාත්‍රාව දෙකඩ වී ඇති අතර ඉතාලියේ ජනාධිපති Sergio Mattarella සඳහන් කළේ මෙම යාත්‍රාවෙන් ගමන් කරමින් සිට ඇත්තේ නීතිවිරෝධී ලෙස පලා යමින් සිටි සංක්‍රමණිකයින් පිරිසක් බවය.

බොහෝ මළසිරුරු වෙරළට ගොඩගසා ඇති අතර මියගියවුන් අතර මාස කිහිපයක බිළිඳෙකු ද සිටි.

මෙම යාත්‍රාව ඇෆ්ගනිස්තානය, සෝමාලියාව,පාකිස්ථානය සහ ඉරානය ආදී රටවල මගීන් පිරිසක් සිට ඇති බව AFP පුවත් සේවය සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join