දැඩි අවදානමක්. - උඩුදුම්බර පවුල් 600ක් සිරවෙයි. - (PHOTOS)

Landslide In Sri Lanka
By Wayomi Jan 03, 2024 05:57 AM GMT
Report

උඩ දුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී වසම් විස්සක පමණ පවුල් 600ක් පමණ සිරවී ඇති බව උඩ දුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසනවා.

ඒ, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩ දුම්බර ප්‍රදේශයේ ගම් රැසක්ම නාය යෑම්,හා ගිලාබැසීම් වලට ලක්වීම හේතුවෙන්.

මේ අනුව උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 20 ඇතුළත ඉතාමත්ම බරපතල තත්ත්වයේ ආපදා සිදුව ඇත්තේ, කලල්ගමුව,මිනුවන්ගමුව, නැගෙනහිර බඹර බැද්ද, බටහිර බඹර බැද්ද හා දෙන්නේගම,යන ග්‍රාම නිලධාරී වසම් වලටයි.

[S8824A0

මෙලෙස ඇද හැලුන දහරා නිපාත වර්ෂාවත්,අධික මීදුමත් හේතුවෙන්,ජනතාවට දැඩි ලෙස පීඩා ඇතිවී ඇති අතර එයින් බේරීමට ඔවුන් දැඩි සේ උත්සාහ දරා ඇති බවයි වාර්තා වන්නේ.

ආපදා කළමනාකරණ ඒකකය පවසන්නේ, මේ වන විට කලර්ගමුව ග්‍රාමයේ පිහිටි දළුක්කුඹුර කන්ද සහ දෙවින්නේගම ගිලා බැසීමට ලක්ව ඇති බවයි.

දැඩි අවදානමක්. - උඩුදුම්බර පවුල් 600ක් සිරවෙයි. - (PHOTOS) | 600 Families Of Ududumbara Will Be Trapped

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසන්නේ, මෙම ගම්මානවල රැඳී සිටි පවුල් තිහක පමණ පිරිසක් බෝපාත විහාරස්ථානයට හා බඹර බැද්ද විහාරස්ථානය වෙත රැගෙන ගොස් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා සියලු විධිවිධාන සලසා ඇති බවයි.

මේ අතර ආපදා කළමනාකරණ ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ, සුළු වශයෙන් ආපදාවන්ට ලක්ව ඇති ගම්මානවල ආසන්නයේ පිහිටි ප්‍රජා ශාලාවන්ද කඳවුරු ලෙසට යොදා ගැනීමට කටයුතු කරන බවයි.   

දැඩි අවදානමක්. - උඩුදුම්බර පවුල් 600ක් සිරවෙයි. - (PHOTOS) | 600 Families Of Ududumbara Will Be Trapped


                                                                           Sponsored By Sarrita Jewellery