භාණ්ඩ මිල වැඩිවීම නිසා මෙරටින් පැන ගිය 6 දෙනෙකුට සිදු වූ දේ - කුඩා ළමුන් තිදෙනෙකුත් ඒ අතර.

Sri Lanka Thamilnadu Economic crisis
By Sewvandhi Mar 24, 2022 02:36 AM GMT
Report

නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වීමට උත්සාහ කළ බව කියන ශ්‍රී ලාංකිකයින් හය දෙනෙකු අඟහරුවාදා (22) ඉන්දීය වෙරළාරක්ෂක බලකාය අත්අඩංගුවටගත් බව විදෙස් මාධ්‍යය  වාර්තා කරයි.

වෙරළාරක්ෂක බලකාය විසින් ඔවුන් බේරා ගැනීමට පෙර අතරමංව සිටි ඔවුන්ව නිලධාරීන් ප්‍රශ්න කළ බවත් එම හය දෙනාගෙන් තිදෙනෙකු කුඩා ළමුන් බවත් වාර්තාවේ දැක්වේ.

ශ්‍රී ලාංකිකයින් හය දෙනා උතුරු කලාපයේ යාපනය සහ කොකුපඩියන් ප්‍රදේශවල පදිංචිකරුවන් වූ අතර පළාගොස් ඇත්තේ තමිල්නාඩුවේ රාමේෂ්වරම් ආසන්නයේ පිහිටි දූපතකටය..

ශ්‍රී ලාංකිකයන් තමිල්නාඩුවේ ධනුෂ්කොඩි ප්‍රදේශයට ගොඩ බැසීමට උත්සාහ කළ නමුත් ඔවුන් නීති විරෝධී ලෙස මෙහි ගෙන ආ පුද්ගලයා ඔවුන්ට බැසීමට බල කර වැලි කන්දක අතරමං කළ බව දන්වා තිබේ.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් තමන් ඉන්දියාවට ඇතුළු වීමට උත්සාහ කරන බව හසුවූ ශ්‍රී ලාංකික කාන්තාවක ප්‍රකාශ කළ බව PTI පුවත් සේවය වාර්තා කරයි. 

    අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම නිසා තත්ත්වය කළමනාකරණය කර ගැනීම අපහසු වී රටින් පැනයාමට තීරණය කළ බව ඇය පවසා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now