හය දෙනෙකුගේ දිවි බිළිගත් මාරක රිය අනතුරු

Accident narammala Galnava Pannala Beragala Kiriyankalliya Accodent
By Sewvandhi Feb 10, 2022 03:44 AM GMT
Report

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

පන්නල - ගිරිඋල්ල මාර්ගයේ තලම්මැහැර ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ගිරිඋල්ල දෙස සිට පන්නල දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දෙසටස ධාවනයවූ බස් රථයක් පසුකර ධාවනය කරමින් සිටියදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක ගැටී ඊයේ (09) එම අනතුර සිදුව ඇත.

අදාළ අනතුරින් බරපළ තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසු පැදිකරු සඳලංකාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පැදිකරු මියගොස් ඇත. එලෙස මියගොස් ඇත්තේ, 21 හැවිරිදි බෝපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

මේ අතර කීරියන්කල්ලිය ආඬියාගම මාර්ගයේ අක්කරවෙල්ලිය කලුපාලම අසලදී සිදුවූ රිය අනතුරකින් 52 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ. ලොරි රථයක් හා පාපැදියක් ගැටී ඊයේ (09) දහවල් කාලයේදී එම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පාපැදිකාරිය මුන්දලම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, පුදුකුඩිරිප්පුව, බත්තුළුඔය ප්‍රදේශයේ පදිංචිකාරියකි. මේ අතර නෙදුන්කේනි පොලිස් ස්ථානය අසලදී ඊයේ උදෑසන කාලයේදී සිදුවූ රිය අනතුරකින් 78 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

නෙදුන්කේනි නගරය දෙස සිට පුලියන්කුලම දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක එම දෙසටම ඉරියෙන් ගමන්කළ පාපැදියක් ගැටී එම අනතුර සිදුව තිබුණි.

නාරම්මල දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වූ මෝටර් රථයක පදික මාරුවක් මතින් මාර්ගය හරහා ගමන්කළ පුද්ගලයෙකු මෝටර් රථයේ ගැටී සිදුවු අනතුරින් 37 හැවිරිදි මහවිලච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ අතර බෙරගල - හාලිඇළ මාර්ගයේ ඊයේ සවස් කාලයේදී සිදුවූ අනතුරකින් 65 හැවිරිදි අයෙකු ජීවිත්කෂයට පත්ව තිබේ. බණඩාරවෙල දෙස සිට බදුල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක මාර්ගය හරහා ගමන්කළ පදිකයෙකු ගැටී එම අනතුර සිදුව තිබුණි.

මේ අතර ගල්නෑව - තඹුත්තේගම මාර්ගයේ බුල්නෑව හංදිය ආසන්නයේදී ඊයේ රාත්‍රී කාලයේදී සිදුවූ රිය අනතුරකින් 41 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now