කොළඹ කැලඹු ප්‍රභූ ලේබල් ඩිෆෙන්ඩර් රථ පෙළ - පොලීසියෙන් විශේෂ අනාවරණයක්..!

Colombo Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jan 16, 2023 02:22 PM GMT
Report

පොලීසිය විසින් ,ප්‍රභූ රථ ලෙස හැඟවෙන පරිදි ව්‍යාජ ස්ටිකර් සහ ආලෝක පද්ධති සවිකර බොරැල්ල ප්‍රදේශයේදී එකපෙළට ධාවනය කළ ඩිෆෙන්ඩර් රථ ඇතුළු සුඛෝපභෝගී වාහන පෙළක් අත්අඩංගුවට ගෙන ඇත.

නාගරික රථවාහන අංශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි නාමල් පුෂ්පකුමාර මහතාට ලද තොරතුරකට අනුව මෙම වාහන පෙළ පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබේ.

එහිදී සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ රථ තුළ ප්‍රභූන් කිසිවෙකු නොමැති බවය. පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ ව්‍යාජ ස්ටිකර් සහ ආලෝක පද්ධති සවිකර තිබීම හේතුවෙන් එම රථ නීතිවිරෝධී ලෙස සාමාන්‍ය ජනතාවට මාර්ගය අවහිර කරමින් ධාවනයේ නිරතව ඇති බවය.

කුරුඳුවත්ත ප්‍රදේශයේ සිටින කෝටිපති ව්‍යාපාරිකයින්ගේ දරුවන් පිරිසක් එම වාහන පදවාගෙන පැමිණ ඇති බවද එහිදී අනාවරණය වී ඇත.

අනතුරුව ඔවුන්ට අවවාද කිරීමෙන් අනතුරුව අදාළ ව්‍යාජ ප්‍රභූ ස්ටිකර් සහ ආලෝක පද්ධති ගලවා ඉවත්කර රථවාහන අංක සහ චැසි අංක පරීක්ෂාකිරීමෙන් අනතුරුව අයිතිකරුවන් වෙත භාරදීමට පියවර ගෙන ඇත. බොරැල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now