වහාම ක්‍රියාත්මක වන පරිදි නිලධාරින් 53 දෙනකුගේ වැඩ තහනම් කෙරේ.

Police Sri Lanka Thushara upuldeniya Prison officers suspended
By Aruna Jan 25, 2022 06:44 AM GMT
Report

තවත් 18 දෙනකු රිමාන්ඩ් භාරයට ඉකුත් 2021 වසරේ පමණක් විවිධ වැරැදි සිදු කළ බන්ධනාගාර නිලධාරීන් 53 දෙනකුගේ වැඩ තහනම් කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ප්‍රධාන පුවත්පතකට ඊයේ (24 වැනිදා) ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර තවත් 18 දෙනකු රිමාන්ඩ් භාරයට පත් කර ඇති බවයි බන්ධනාගාර කොමසාරිස්වරයා වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ බෝම්බ සිද්ධියේ ඇත්ත නැත්ත සම්පූර්ණයෙන්ම අනාවරණය කර ගන්නා තෙක් ආණ්ඩුවට විරුද්ධව අරගලයක් කරන බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ එම සිද්ධියට අදාළව මාර්ගගත ක්‍රමය ඔස්සේ පසුගිය 23 වැනිදා පැවති දැනුවත් කිරීමේ වැඩසටහනක දීය.

සිද්ධියට අදාළ බව කියමින් අත්අඩංගුවට ගත් ‘මුනි’ කියන පුද්ගලයා මත වරද තබා පොලිසිය අතසෝදා ගැනීමට උත්සාහ කළ බව ද එවැනි කටයුතුවලට ඉඩ දිය නොහැකි බව ද කී කාදිනල් හිමියෝ මෙසේද කීහ.

‘‘මේ ආණ්ඩුවයි පොලිසියයි මේ කරන නාටකය අපිට පැහැදිලිවම පේනවා. ඒ නිසයි මම අපේ පියතුමන්ලාට කිව්වේ එදා උදේ වරුවේ දර්ශන බලන්න කියලා.

මොකද මේ බෝම්බය වෙනත් අයෙක් තිබ්බද කියලා අපිට බලා ගන්න පුළුවන් නිසා. ඒ වගේම අපිට ඒ දේ හොයා ගන්න හැකි වුණා.

පොලිසිය භාර ඇමැති එදා වැඩි වෙලාවක් යන්න කලින් පැනලා කිව්දේ තමයි මේ වැඩේ කරලා තිබෙන්නේ මුනි කියන පුද්ගලයා කියන එක.

මේක පමණක් නෙමෙයි ලංකා රෝහලේ තිබූ බෝම්බෙත් මේ මනුස්සයාගේ ඇඟේ පැටේව්වා.

මිනිස්සුන්ට ගහලා තර්ජනය කරලා ප්‍රකාශ අරගෙන කරන්න හදන යුක්තිය අපි පිළිගන්නේ නැහැ.

ප්‍රතික්ෂේප කරනවා. මේ මනුස්සයාට සහ අනිත් තුන් දෙනාටම සිදූ වූ අසාධාරණයට විරුද්ධව පෙනී සිටින්න තීරණය කර තිබෙනවා. සාධාරණ හදවතක් තිබෙන ඕනෑම කෙනකුට ඒ වගේ දේවල් කරන්න හැකියාවක් නැහැ.

ආණ්ඩුවටත් පොලිසියටවත් මේ කාරණාව එහෙම ලෙස්සා යවන්න දෙන්නේ නැහැ. උසාවිය තිබෙනවා. උසාවිය අපිට විශ්වාසයි.

ඒ නිසා මේ කාරණාව උසාවියෙදි හරිගස්සන්න කටයුතු කරනවා.’’

මේ අතර පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉටුකරගැනීම සඳහා තමන් හා සම්බන්ධව කටයුතු කරන තිදෙනකුට ඉදිරියේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලැබෙන බවත් ඒ අනුව මේ මස අවසානයේ පමණ සිට එම සංවිධානය ඍජුව ගණුදෙනු කිරීමට අවස්ථාව හිමිවන බවත් කී මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ වින්දිතයන්ට යුක්තිය සොයාගෙන යන ගමනේ දී එය මහත් රුකුලක් වනු ඇතැයි ප්‍රකාශ කළහ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now