5000 හේ දීමනාවට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ..රාජ්‍ය සේවකයින්ට සුබ ආරංචියක්.
Sri Lanka
5000 allowance
Government servant
By Aruna
රාජ්‍ය නිලධාරීන්ට සහ විශ්‍රාමිකයින්ට රුපියල් 5000 ක මාසික දීමනාවක් ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.
රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් එම චක්‍රලේඛය අද (13) නිකුත් කර ඇත.
මේ අතර පෞද්ගලික අංශයේ සේවකයන්ටත් රුපියල් 5000 දීමනාව ලබාගැනීම සඳහා මේ මස 21 වැනි දින විරෝධතා සංවිධානය කරන බව ලංකා වෘත්තිය සමිති සම්මෙලෙනය සඳහන් කරනවා.
ඒ අනුව රට පුරා සියලු නගරවල සියයු කර්මාන්ත ශාලාවල සහ වැඩපිළිවෙළ විරෝධතා සංවිධානය කරන අතර ඒ ඒ ආයතනවල විරෝධාතා සඳහා සුදුසු වේලාවක් වෙන්කරවා ගැනීමේ නිදහස සේවකයන්ට ලබාදෙන බව ද නිදහස් වෙළෙඳකලාප සහ පොදු සේවා සේවක සංගමයේ ලේකම් ඇන්ටන් මාකස් කොළඹදී ප්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |