අධික සීතල දරාගැනීමට නොහැකිව කිරි ගවයින් 500ක් පමණ මියැදෙයි (PHOTOS)

Kilinochchi Sri Lanka Climate Change
By Sewvandhi Dec 09, 2022 12:26 PM GMT
Report

ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය විසින් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ මේ දිනවල රට පුරා ඇති අයහපත් කාලගුණ තත්ත්වය සහ අධික ශීතල හේතුවෙන් කිරි ගවයන් පන්සියයකට ආසන්න ප්‍රමාණයක් මියගොස් ඇති බවයි.

දින කිහිපයක සිට ශ්‍රී ලංකාවට බලපා ඇති 'මැන්ඩවුස්' සුළං තත්ත්වය හේතුවෙන් ඇති වී තිබෙන අධික සීතල හා වර්ෂා බලපෑම හේතුවෙන් මෙම සතුන් මියැදී ඇති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

එනම් අද (9) දිනයේ කිළිනොච්චිය ප්‍රදේශයේ කිරි ගවයින් 165 ක් පමණ අධික සීතල දරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් මියගොස් තිබෙනවා.

කිරිගවයින් ගවමඩු තුල ගාල්කොට සිටියදී එලෙස සීතල දරාගැනීමට නොහැකිව කුඩා පැටවුන් සහ දෙනුන් මියගොස් ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

අයහපත් කාලගුණික තත්වය සමඟ ඇතිවූ ශීත කාලගුණික තත්වය හේතුවෙන් දින දෙකක කාලයක් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 17 දක්වා අඩුවී තිබූ බව කිලිනොච්චිය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසූයේ සීතල කාලගුණික තත්වය හේතුවෙන් මියගිය සතුන් ප්‍රමාණය තවත් ඉහලයා හැකි බවත්ය. සීතල හේතුවෙන් අසනීප වී ඇති ගවයින් බේරාගැනීම සඳහා ගොවීන් තැනතැන විශාල ගිනිසෑයවල් නිර්මාණය කරමින් ගවයින්ට උණුසුම ලාබාදීමට කටයුතු කරන බවද ප්‍රදේශවාසීන් පැවසීය.

සතුන් මියයෑමෙන් තමන්ට විශාල මූල්‍යමය පාඩුවක් සිදුව ඇති බවත් මියගිය සතුන් පිළිබඳව හා සීතල හේතුවෙන් අසනීප වී ඇති සතුන් සම්බන්ධයෙන් කිලිනොච්චිය රජයේ පශුවෛද්‍ය කාර්යාලය දැණුවත් කොට ඇති බවද ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery