රැඳවියන් 5ක් හොරෙන්ම පැනලා - සෙවීමට පොලිසිය සහ යුධ හමුදාව..

Sri Lanka Police Sri Lanka
By krishani Nov 16, 2022 05:58 AM GMT
Report

වවුනියාවේ -  පූන්තෝට්ටම් ප්‍රදේශයේ පිහිටි පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 5 දෙනෙකු පලා ගොස් ඇත.

ඔවුන් සෙවීමට පොලිසිය හා යුද හමුදාව ඊයේ (15) සිට මෙහෙයුමක් දියත් කොට ඇත.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමට අධිකරණ නියෝග මත ලබා දෙන පිරිස් මෙම මධ්‍යස්ථානයේ දී පුනරුත්ථාපනය කෙරෙන අතර එලෙස පුනරුත්ථාපනය වෙමින් සිටිය දී මොවුන් පලා ගොස් ඇත්තේ.

ඔවුන් සන්ධ්‍යා කාලයේ ක්‍රීඩා පුහුණුවීම් කටයුතුවල නිරත ව සිටි අවස්ථාවක දී පළාගොස් ඇත්තේ.

පලා ගිය රැදවියන් 5 දෙනාම උතුරු පළාතේ පදිංචිකරුවන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join