ස්වභාවික දරු උපතට තිත තියන 2023 ගැන බබා වැන්ගා තැබූ ප්‍රබල අනාවැකි 5ක්. (VIDEO)

Astrology 2023
By Wayomi Dec 20, 2022 10:30 AM GMT
Report

බල්කන්ස් හි නොස්ට්‍රඩමස් හෙවත් බබා වැන්ගා කියන්නේ දශක ගණනාවක් තිස්සේ ලෝකයේ අනාගතය ගැන පැවසූ ප්‍රබල අනාවැකි කාරිනියක්.

බාබා වැන්ගා විසින් අමෙරිකාවට එල්ලවූ 11/9 ත්‍රස්ත ප්‍රහාරය ඇතුළු සුප්‍රසිද්ධ අනාවැකි රැසක් පළකරනු ලැබූ කෙනෙක් ලෙස සලකනු ලබනවා.

ඇය විසින් 2022 වසරේදී ලොව නගර රැසකට නියඟය හේතුවෙන් ජල හිඟයකට මුහුණ දීමට සිදුවන බවට අනාවැකි පළකරනු ලැබූවා.

එම අනාවැකිය සත්‍ය බවට තහවුරු වුයේ මෙම වර්ෂයේදී නියගයන් හේතුවෙන් එංගලන්තයේ පෘතුග්‍රීසිය, චීනය ඇතුළු රටවල් රැසක් ආශ්‍රිතව පානීය ජල සැපයුම සීමා වුණා.

ඒ අනුව, ඇය පැවසූ අනාවැකි මීට පෙර අසාර්ථක වී නොමැති බවයි බොහෝ දෙනෙකු පිළිගන්නේ. මීට වසර 25 කට පෙර එනම් 1996දී 84 වියේ පසු වෙමින් සිටියදී මියගිය බාබා වැන්ගා විසින් වසර 5079 දක්වා ලොව සිදුවිය හැකි සිදුවීම් සම්බන්ධයෙන් අනාවැකි පළකර තිබෙනවා.

ඉතින් මීට වසර 25 කට පෙර මියගිය බාබා වැන්ගා සිදුකළ අනාවැකි අතර එළඹෙන 2023 වර්ෂයේදී සිදු වන සුබ අසුබ සිදුවීම් ගැනත් අනාවැකි පළ කර තිබුණේ මෙලෙසින්.

2023 වසරේ ලෝකවාසී ජනතාවට මුහුණ දීමට සිදුවිය හැකි සුවිශේෂී කරුණු 05ක් ගැන බාබා වැන්ගා පවසා තිබෙනවා.

🟢එළඹෙන වසරේදී මනුෂ්‍ය ජිවිත පර්යේෂණාගාර තුල බිහිකිරීමට සලස්වනු ඇති බවත්, සොභාවික දරු උපත් සිදුවීම රජයන් විසින් වළක්වනු ඇති බවට බාබා වැන්ගා සිදුකර ඇති එක් භයානක අනාවැකියකි.

🟢එමෙන්ම ලබන වසරේදී පෘථිවි කක්ෂයෙහි වෙනසක් ඇති වනු ඇති බවට බාබා වැන්ගා අනාවැකි පළකර ඇති අතර ඊට හේතුවන කරුණු පිලිබඳව වැඩි විස්තරයක් ලබාදී නොමැත. (සෑම වසරකම පෘථිවිය සුර්යයා වටේ සැතපුම් මිලියන 584ක් ගමන් කරන අතර අනෙකුත් ග්‍රහලෝකවල ගුරුත්වාකර්ෂණ බලපෑම හේතුවෙන් පෘථිවි කක්ෂයෙ ගමන් මගට බලපෑමක් එල්ලවිය හැක. / වසරක් තුළ සිදුවන මෙම වෙනස්කම් හේතුවෙන් පෘථිවි පරිසරයට අහිතකර බලපෑම් එල්ලවිය හැකි අතර, ඒ හේතුවෙන් උෂ්ණත්වය ඉහළ යෑම, මුහුදු මට්ටම ඉහළ යෑම සහ විකිරණ බලපෑම් එල්ලවීමේ අවධානමක් ඇති විය හැකියි.

🟢ලබන වසරේ දී සුර්යාගෙන් නිකුත් වන ව්‍යවසනකාරී සුර්ය කුණාටු හේතුවෙන් පෘථිවියට බලපෑම් එල්ල විය හැකි බවට බාබා වැන්ගා අනාවැකි පළකර ඇත.

🟢බාබා වැන්ගා අනාවැකි පළකර සිටින්නේ ලොව ප්‍රබල රටවල් මිනිසුන් යොදා ගනිමින් ජෛව අවි පර්යේෂණ සිදුකරනු ලබනු ඇති බවත් මේ හේතුවෙන් දහස් සංඛ්‍යාත ජිවිත සංඛ්‍යාවක් අහිමිවී යනු ඇති බවයි.  

(මෙම කරුණු උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW