හෝමාගම කටුවාන කර්මාන්ත ශාලා ගින්නෙන් 5 දෙනෙකු ජීවිතක්ෂයට
Fire
Accident
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ පිහිටි කර්මාන්ත ශාලාවක අද (21) උදෑසන හටගත් ගින්නකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව හෝමාගම පොලීසිය පවසයි.
ගින්න පාලනය කිරීමේ මෙහෙයුම් මේ වනවිටත් ක්‍රියාත්මක අතර, ගින්නට සිරවී සිටින බවට සැක කෙරෙන පුද්ගලයින් සොයා සෝදිසි මෙහෙයුම් ද අඛණ්ඩව සිදුකරමින් පවතී.
අනතුර සිදුවන අවස්ථාවේ කර්මාන්ත ශාලාවේ සේවකයින් 80කට අධික පිරිසක් සේවයේ නිරතව සිට ඇති අතර, තවත් කිසිවෙකු සිරවී සිටීද යන්න පිළිබඳව බලධාරීන් පරීක්ෂණ පවත්වයි.
හෝමාගම මූලස්ථාන පොලීසිය සඳහන් කළේ, ආරක්ෂිත හිස්වැසුම් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක මෙම ගින්න හටගෙන ඇති අතර, ගින්නට හේතුව සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි.