හොරෙන් රන් ගෙනා ආයතන 5කට සහ ගෙන්වන අයට රජයෙන් කරන්න යන දේ මෙන්න.
වසරේ ගත වූ කාලය තුළ නීති විරෝධී ලෙස මෙරටට රන් ආනයනය කළ බවට ආයතන පහක් හඳුනාගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඒ, අනුව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ, එම ආයතන වෙත රුපියල් මිලියන 1243ක දඩ මුදල් නියම කර ඇති බවත්, අදාළ ආයතන අතරින් එක් ආයතනයකට රුපියල් මිලියන 179ක් ගෙවීමට නියම වූ බවත්ය.
මින් ඉදිරියට රන් භාණ්ඩ ආනයන සිදු කරන බලපත්‍රලාභී සියලු ආයතන මෙම නීති විරෝධී ක්‍රියාවන් වෙතින් මිදිය යුතු බවත්, අදාළ ආයතන ඍජුව ආනයනය නොකර තුන් වැනි පාර්ශ්ව මඟින් මිල දී ගන්නා රන් සඳහා ද නිෂ්පාදන වාර්තා සලකා බලා දඩ මුදල අය කර ගන්නා බවත් ඔහු තවදුරටත් අවධාරණය කරනවා.
මෙහිදී රාජ්‍ය ආදායම අහිමි වීමට අදාළව පැවැති සිදුරු ක්‍රමයෙන් පියවරෙන් පියවර වසා දමමින් මෙරට රාජ්‍ය ආදායම තහවුරු කිරීමේ කටයුතු මේ වන විට කරගෙන යන බව අමාත්‍යවරයා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ,රන් භාණ්ඩ ආනයනය කරන ඇතැම් පාර්ශ්ව මෙය විශාල ජාවාරමක් බවට පත් කරගෙන ඇති බවත්,ඒ නිසාම ඒ වටා ගොනු වූ මාෆියාවක් ද පවතින බවත්ය.
ඒ, අනුව මේ පිළිබඳ රජයේ අවධානය යොමු වූ පළමු අදියරේදීම විවිධ අභියෝග, තර්ජන, ගර්ජන, බලපෑම් සහ බියගැන්වීම් විවිධ මට්ටමින් තිබුණු බවත් ඒ සියලු අභියෝග හමුවේ නොසැලෙමින් මෙහි දෙවැනි පියවර වෙත ද රජය යොමු වී ඇත.