ඔෆීස් වල වගේම ඕනෑම තැනක ඉන්න පුළුවන් භයානක මිනිස්සු කොට්ටාස 5ක්. (VIDEO)

Gossip Today
By Wayomi Jun 01, 2023 07:44 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

අද අපි කතාකරන්න යන්නේ ගොඩාක් ඔෆීස් වල හරි යාලුවෝ සෙට් එකක හරි එහෙම නැත්නම් ඕනෑම තැනක ඉන්න පුළුවන් භයානක මිනිස්සු කොට්ටාස 5ක් ගැනයි.එන්න අපි ඒ කොට්ටාස 5 ගැන මේ වීඩියෝ එකෙන් දැනගමු.

කේළමා.

😯 මෙයා කරන්නේ කේලම් කියන එක ,මෙයාව බොහොම පරිස්සමින් තමයි ඇසුරු කරන්න ඕනේ කිසිම දවසක වැරදිලාවත් ඔයාලගේ පෞද්ගලික දේවල් මෙයාට කියන්න යන්න එපා .


අයිස් ගසන්නා.

😯 මෙයා නම් වැඩ කරන්න හරිම කම්මැලියි.මෙයාගේ ලොකුම රාජකාරිය තමයි සෝෂල් මීඩියා වල කාලය නාස්ති කරන එකයි,නිදාගන්න එකයි.මෙයා නිතරම වැඩ පාඩුකරගෙන බොස්ගෙන් බැනුම් අහනවා ,ශෝර්ට්ස් කට්ස් use කරන්න ගිහින් company එකත් පාඩු කරනවා ඉතින් මේ වගේ අයගෙන් ඈත්වෙලා ඔයාගේ වැඩේ හරියටම ඉවරකරගන්න.


ගොට්ටා.

😯  මේ කට්ටිය හරිම කපටියි ,ලොක්ක දැක්කම දෙකට නැමෙනවා,මේ කට්ටිය office එක ඇතුලේ හරිම බලවත් ,ඒවගේම තමයි ගොඩාක් ලොක්කෝ මෙයාලට ඕනේ විදිහට තමයි තීන්දු තීරණ ගන්නේ ඉතින් ඒ නිසා මෙයාලත් එක්ක අමනාපකම් ඇතිකරගන්නේ නැතුව සුහදව ඉන්න එක වඩාත් හොඳයි.


සියල්ල දත්.

😯 මේ ගොල්ලෝ හැසිරෙන්නේ හරියට තමන්ට විතරයි ඔක්කොම දන්නවා වගේ ,මේ වගේ කට්ටියට ඕනවට වඩා තැන දුන්නොත් ඔයාලගේ කටයුතුත් පාලනය කරගන්න පටන් ගනීවි ,මේගොල්ලන් හැමවෙලේම උත්සහ කරන්නේ තමන් හෙන පොරක් කියලා පෙන්නගන්න,ඉතින් මෙයාලත් එක්ක සුහදව ඉන්න හැබැයි වැඩිය ඔයාලගේ වැඩවලට ඇඟිලි ගහන්න දෙන්න එපා .


රූපසුන්දරී.

😯 මේ කට්ටිය හිතාගෙන ඉන්නේ office එකේ ඉන්න ලස්සනම කෙනා මෙයා කියලා, මෙයාලගේ mindset එක තමයි අනිත් හැමෝම කැතයි තමන් විතරයි ලස්සන කියලා හිතන එක,හැබැයි මෙයාලගේ රූපේ ලස්සන වුනාට වැඩේ කාර්යක්ෂම නැහැ,ඉතින් ඔයාලා මේ වගේ අය ඉස්සරහ හීනමානයට ලක්වෙන්න එපා.


ඉතින් අද අපි කිව්ව මේ භයානක මිනිස් කොට්ටාස 5 හඳුනාගෙන එයාලත් එක්ක පරිස්සමට ඉවසීමෙන් වැඩ කරන්න පුරුදු වෙන්න     


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW