දරුවන්ට මත්ද්‍රව්‍ය විකුණූ 47ක් අල්ලයි - අවුරුදු 17ක පිරිමි ළමයෙක් ද ඒ අතර..

Sri Lanka Police Sri Lanka
By krishani Dec 23, 2022 06:51 AM GMT
Report

බස්නාහිර පළාතේ පාසල් 149 ක් ආවරණය වන පරිදි ඊයේ(22) දින කළ මෙහෙයුමක දී ඒ අවට මත්ද්‍රව්‍ය සහ මත්පෙති අලෙවි කළ පුද්ගලයින් 47ක් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අතර හෙරොයින් ග්‍රෑම් 9 යි මිලිග්‍රෑම් 630 ක්, අයිස් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 38 ක්, ගංජා ග්‍රෑම් 207 යි මිලිග්‍රෑම් 590 ක් සහ මාවා නැමති මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 260 ක් මෙහිදී සොයාගෙන ඇත.

මෙම මෙහෙයුමේ දී ඊට අමතරව ගංජා ළඟ තබාගැනීමේ වරදට අවුරුදු 17 ක පිරිමි දරුවෙක් මිරිහාන පොලිස් වසමේ ප්‍රසිද්ධ පාසලක් අසළ දී අත්අඩංගුවට ගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join