කොවිඩ් වැළදුණු ගණන ගනන 43 ක් දක්වා ඉහළට
මෙරටින් මේ දක්වා වාර්තා වූ කොරෝනා ආසාදිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 43 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීරට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළට ද කොරෝනා ආසාදනය වී ඇති බව අද තහවුරු වීමත් සමගයි.
මේ අතර අද දිනයේ අලුතින් මරණ 14 ක් වාර්තාවී තිබෙනවා. පසුගිය සතියක කාලය තුල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 9 දෙනෙකුට පමණ කොරෝනා ආසාදනය වී තිබෙනවා.
එමෙන්ම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුටද කොරෝනා ආසාදනය වී ඇති අතර, ඊට වෛද්‍යවරුන් කිහිපදෙනෙකුද ඇතුළත්. එමෙන්ම කලුතර තිස්ස මහා විද්‍යාලයේ සිසුන් 50 දෙනෙකු සඳහා කල කොරෝනා පරීක්ෂණයේදී සිසුන් 13 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගැනුනා.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ මේ වන විට දිවයිනේ සෑම ප්‍රදේශයකම කොරෝනා අසාදිතයන්ගේ වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි.
මේ අතර අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් අද පැවති මිනුවන්ගොඩ ප්‍රාදේශිය කොරෝනා මර්දන කමිටු රැස්වීමේදී තීරණය කෙරුණේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රාජ්‍ය උත්සව වලට සහභාගී වීම සඳහා පූර්ණ එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීමටයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |