Facebook පටියකින් සිතාගැනීමටත් නොහැකි මත්ද්‍රව්‍ය..! තරුණ තරුණියන් 40කට ආසන්න පිරිසක් අත්අඩංගුවට..!

Facebook Maravila drug party Vennappuwa
By Sewvandhi Mar 14, 2022 11:26 AM GMT
Report

ෆේස්බුක් හරහා සංවිධානය කර තිබූ සාදයකදී මත්ද්‍රව්‍ය කිහිපයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 39 දෙනෙකු වෙන්නප්පුව පොලීසිය ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෙන්නපුව, වයික්කාල ප්‍රදේශයේ හෝටලයක මෙම සාදය පවත්වා ඇති අතර, ලැබුණු තොරතුරක් මත වටලා ඇත. අත්අඩංගුවට ගත් මට්ටක්කුලිය, ගණේමුල්ල, මීගමුව, අනුරාධපුර, වත්තල සහ මීරිගම යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 20 ත් 30 ත් අතර වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත බදාදා (16) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින් ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 110 ක් (සාමාන්‍යයෙන් ‘අයිස්’ ලෙස හැඳින්වේ), හෂීස් ග්‍රෑම් 05 ක්, ගංජා ග්‍රෑම් 27 ක් සහ එක්ස්ටසි පෙති 15 ක් පොලිස් භාරයට ගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now